දින දෙළහෙන් මිලියන 500ක් සෙවූ අලුත් බැට්මෑන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාර්තු 04 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මැට් රිවිස්ගේ ‘ද බැට්මෑන්’ චිත්‍රපටය මේ වනවිට මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය බවට පත්ව ඇත. රොබට් පැටින්සන් ‘බැට්මෑන්’ ලෙස පෙනී සිටින මෙම චිත්‍රපටය ඉදිරියේදී මීට වඩා ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි සිනමා විචාරකයින් පවසා සිටියි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක් වැය කරමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩෙලර් මිලියන 632ක් බව සඳහන් වෙයි. පැටින්සන් සමගින් සි ඉසබෙලා මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙයි.