දකුණු ඉන්දීය සිනමා නිළි කාජල් අග්රවාල් මවක් වීමට සූදානමින්
ගෙවුණු වසරේ සැප්තැම්බරයේදි කෝටිපති ව්යාපාරික ගෞතම් කිච්ලු සමග විවාහ වූ දකුණු ඉන්දීය සිනමා නිළි කාජල් අග්රවාල් මේ වනවිට මවක් වීමට සූදානමින් සිටියි. කෙසේ වෙතත්, මේ බව කාජල් ප්රසිද්ධ කර නෙමැති අතර, ඇය රංගනයෙන් දායක වීමට සූදනමින් සිටි ‘ආචරියා’ තෙළෙඟු චිත්රපටයේ නිෂ්පාදකයින්ට ඇය මේ බව පවසා ඇත.
එමෙන්ම කාජල් නිෂ්පාදකයින්ට දන්වා ඇත්තේ ඉතා ඉක්මණින් තමන් පෙනි සිටින දර්ශන රූපගත කර අවසන් කරන ලෙසය. මෙම කාරණය මේ වනවිට ඉන්දීය සමාජ පිටු අතරේ පළවන අතර, ප්රධාන සිනමා පුවත්පත් කිහිපයකද කාජල්ගේ මේ ගැබිගෙන ඇති පුවත මේ වනවිට වාර්තා කර ඇති බවට තොරතුරු ලැබේ.