තෙළෙඟු සිනමාවේ විරයා බොලිවුඩය ප්‍රතික්ෂේප කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තෙළෙඟු සිනමාවේ සුපිරි චරිතයක් බවට වර්තමානයේ පත්ව ඇති මහේෂ් බාබු කිසිදා බොලිවුඩ් සිනමාවට එකතු නොවන බව පවසා ඇත. තමන්ට මේ වනවිට බොහෝ ආරාධනා බොලිවුඩ් චිත්‍රපට සඳහා එක්විමට ලැබෙන නමුදු ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බව ඔහු පවසයි.

තමන් තෙළෙඟු සිනමාවේ මේ වනවිට ඉතා හොඳින් ස්ථාවර වී ඇති නිසාවෙන් වෙනත් සිනමාවකට එක්ව ඒ ස්ථාවරත්වය අහිමි කර ගැනීමට තමන් අකමැති බව මහේෂ් බාබු පවසයි. ඔහු රංගනයෙන් දායක වූ තෙළෙඟු චිත්‍රපට කිහිපයක්ම මේ වනවිට ප්‍රදර්ශනය වීමට පෙළ ගැසිද තිබේ.