තෙළෙඟු සිනමාවට ආපු පැරණි බොලිවුඩ් තරුව
බිපාෂා බාසු සමගින් රාස් චිත්‍රපටයේ රඟපෑ ඩිනෝ මෝරියා මේ වනවිට තෙළෙඟු සිනමාවට සම්බන්ධ වී සිටින බවට තොරතුරු වාර්තා වෙයි. පසුගිය වසර දෙක තුන තුළදි ටෙලි නාට්‍යය කතා මාලාවලට පමණක් සීමා වි සිටි ඔහු සුරේන්ද්රර් රෙඩ්ඩිගේ ‘එජන්ට්’ තෙළෙඟු චිත්‍රපටය හරහා නැවතත් සිනමා රංගනයට පිවිස සිටියි.
ඩිනෝ මෝරියාගේ පළමු තෙළෙඟු සිනමා රංගනය මෙය වන අතර, ඔහු ‘එජන්ට්’ හි ප්‍රධාන දුෂ්ථ චරිතයට පණ පොවනු ලබයි. කාලයක් බොලිවුඩ් සිනමාවේ සිහින කුමරා බවට පත්ව සිටි ඩිනෝ 2015 වසරේ සිට වසර ගණනාවක් රංගනයෙන් ඈත්ව සිටියහ.