තෙළෙඟු භාෂාවට නැඟෙන මලයාලමේ Lucifer: ප්‍රධාන චරිතයට චිරන්ජීවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දියාවේ තෙළංගානා ප්‍රාන්තය මුල් කර ගනිමින් සමස්ථ ඉන්දීය සිනමාව තුළම දැවැන්ත වාණිජ සාර්ථකත්වයක් හිමි කරගත් චිත්‍රපට කර්මාන්තයක් විදිහටයි තෙළෙඟු සිනමා කර්මාන්තය හදුන්වන්නේ. මේ වන විට ප්‍රධාන ධාරාවේ හින්දි සිනමාව පවා දෙවෙනි තැනට ඇද දාන්නට තෙළෙඟු වාණිජ සිනමාව සමත් වෙලා තියෙන බවත් බොහෝ දෙනෙක් පිළිගන්නා කාරණයක්. වර්තමාන ඉන්දියානු සිනමාවේ දැවැන්තම Pan-Indian Star ලෙසින් හඳුන්වන Prabas පවා තෙළෙඟු රංගන ශිල්පියෙක්. තෙළෙඟු සිනමාව ඇතුළේ විශාල පවුල් ආධිපත්‍යයක් ඇති කරගන්නටත් සිනමා පවුල් කිහිපයකට අවස්ථාව ලැබී තිබෙනවා. මේ අතුරින් විශාලම සිනමා පවුල වන, Mega Family හෙවත් මෙගා පවුලේ ආරම්භකයා තමයි Chiranjeevi කියන්නේ. 1978 සිට දැවැන්ත සිනමාපට රාශියකට රංගන දායකත්වය ලබා දුන් ඔහුව අවසාන වතාවට දැක ගන්නට ලැබුණේ Sya Raa Narasimha Reddy (2019) චිත්‍රපටයෙනුයි. Industry Hit විශාල ප්‍රමාණයක් අතැති මේ දැවැන්තයා වරෙක ඉන්දියාවේ දැවැන්තම රංගන ශිල්පියා විදිහටත් හැඳින්වුනා.

2007න් පසු ඔහුව ප්‍රධාන චරිතයකින් දැක ගන්නට රසිකයින් අවස්ථාව ලැබුණේ Sya Raa Narasimha Reddy හරහා පමණක් වීම නිසා Chiranjeeviගේ අලුත් චිත්‍රපටයක් නිකුත් වෙන තුරු රසිකයින් පවා බලාගෙන ඉන්නේ බොහොම නොඉවසිල්ලෙන්. නමුත් පසුගියදා ඔහුගේ උපන්දිනයට සමාගාමීව Chiranjeevi රංගනයෙන් එක් වන upcoming movies කිහිපයක් ගැනම අනාවරණ වුනා.. ඒ අතුරින් එක් නිර්මාණයක් තමයි Godfather කියන්නේ. මෙහි රූපගත කිරීම් පසුගිය අගෝස්තු මාසයේදී හයිද්‍රබාද් ඇතුළු  දකුණු ඉන්දීය ප්‍රදේශ කිහිපයක් මුල් කරගෙන ඇරඹුනා.

Chiranjeeviගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වන Godfather නිෂ්පාදනය කරන්නේ ඔහුගේ පුත්‍රයා, රාම් චරන්ගේ Konidela Production Company ආයතනයෙනුයි. Saaho අධ්‍යක්ෂණය කළ Sujeeth විසින් මෙය අධ්‍යක්ෂණය කරන්නට නියමිත බවට මුලදී ආරංචි වුනත් අවසානයේදී මෙහි අධ්‍යක්ෂකවරයා ලෙසින් ගිවිසුම්ගත වුණේ Mohan Rajaයි. වසර 20කට පසු ඔහු තෙළෙගු චිත්‍රපටයක් නිර්මාණය කරන පළමු අවස්ථාව වන්නේද මෙයයි. දමිළ සිනමාවේ සාර්ථක වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් ප්‍රසිද්ධ ඔහුගේ මෑතකාලීන නිර්මාණ බොහෝමයක් ආදායම් අතින් සාර්ථකව තිරගත වුණා. 2019 වසරේදී මලයාලම් බාසාවෙන් නිකුත් වුණු Lucifer කේරළ චිත්‍රපටයේ නිල තෙළෙඟු ප්‍රතිනිර්මාණය ලෙසයි Godfather හදුන්වන්නේ. මෝහන්ලාල් සහ ප්‍රිත්විරාජ් සුකුමාරන්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වුනු Lucifer සිනමාපටය වර්තමානයේ වැඩිම ආදායම්ලාභී මලයාලම් චිත්‍රපටයයි. සුප්‍රසිද්ධ මලයාලම් රංගන ශිල්පී Prithviraj Sukumaranගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණු එහි තවත් Sequel නිර්මාණ දෙකක්ම නිකුත් වීමට නියමිතයි. Godfather එහි නිල ප්‍රතිනිර්මාණය වුනත්, තෙළෙඟු ප්‍රේක්ෂකාගාරයට සමීප වෙන අන්දමට මුල් නිර්මාණයට වඩා බෙහෙවින් වෙනස් sequences යොදා ගන්නට නියමිත බවයි නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ. Godfather Title Poster එකෙන් පවා ඒ වෙනස හොඳින්ම බලා ගන්න පුලුවන්.

Mega Star Chiranjeeviගේ රංගන ජීවිතයේ 153වන වන නිර්මාණය වන්නේ මෙම Godfather චිත්‍රපටයයි. මේ දිනවල තමිල්නාඩුවේ ඌටි ප්‍රදේශය මුල් කරගෙන රූපගත කිරීම් සිදුවන මෙය අයත් වන්නේ political thriller කැගටරියට. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන විදිහට ලබන වසරේ මැද භාගයේදී සිනමාශාලා ප්‍රදර්ශනයට චිත්‍රපටයට නිකුත් කරන්නට නිෂ්පාදකයින් සූදානම් බවත් ආරංචි වනවා. S Thamanගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙහි කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ තමිල්නාඩු ප්‍රාන්ත සම්මානයෙන් පවා පිදුම් ලැබූ Nirav Shah විසිනුයි.

NISANKA WEHERADUWA



More In Hot Story