‘තලෙයිවි’ චිත්රපටයේ දෙවැන්න සඳහා කංගනා සූදානම් වෙයි
මේ වනවිට ප්රදර්ශනය ආරම්භ කර ඇති ‘තලෙයිවි’ චිත්රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට සැළසුම් සකස් කරමින් සිටින බව සඳහන් වෙයි. තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය වූ මෙම චිත්රපටයේ දෙවැන්න සඳහා ජයලලිතාගේ චරිතය නිරූපණය කළ කංගනා රනවුත් හා තිර පිටපත් රචක රජත් ආරෝරා දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වෙයි.
දැනට ප්රදර්ශනය වන චිත්රපටයේ කතාව නිමාවන්නේ ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහා ඇමතිනි ලෙස දිවුරුම් දිමත් සමගය. දෙවැනි චිත්රපටයේ ඇයගේ දේශපාලන දිවියේ සිදුවන කරදර, ඇය සිරගත කිරිම මෙන්ම ඇයගේ වියෝවද අලලා නිර්මාණය කරන බව තිර පිටපත් රචකයා පවසා ඇත.