තමිල්නාඩුවේදී ඉහළ සාර්ථකත්වයක් ලද පතන්
තිරගත වි දෙවැනි දවස ගෙවෙද්දි ඉන්දීය රුපියල් කෝටි 280ක ආදායමක් උපයාගන්නට සමත් වූ සිද්ධාර්ත් ආනන්දගේ පතන් චිත්‍රපටය මේ වනවිට දමිල බසින් හඬකවා තමිල්නාඩුවේද ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
තිරගත වූ පළමු දිනයේදීම චෙන්නායි නගරයේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 5ක සාර්ථක ආරම්භයක් ලබාගන්නට මෙම චිත්‍රපටය සමත් වූ බව සඳහන් වෙයි. උතුරු ඉන්දීය සිනමා නළුවෙකුගේ චිත්‍රපටයක් තමිල්නාඩුවේදී මේ තරම් සාර්ථකත්වයට පත් වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.