තමන්නා පළමු වතාවට ‘කාන්ස්’ සිනමා උළෙලට යයි
පසුගිය මැයි මස 17 වැනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ ආරම්භ වූ ‘කාන්ස්’ සිනමා උළෙල සඳහා ඉන්දියාව නියෝජනය කරමින් නළුනිළියන් පිරිසක් සහභාගි වී ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, මෙම නළුනිළියන් අතරේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා භාටියාය.
තමන්නා ‘කාන්ස්’ සිනම උළෙලකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන් ඇයගේ ඇඳුම් විලාසිතාවද කාගෙත් සිත්ගත් එකක් වූ අතර, ජාත්‍යන්තර මාධ්‍යය ඒ කෙරෙහි විශේෂ අවධානයක්ද යොමු කර තිබුණ බව සඳහන් වෙයි. මෙම සම්මාන උළෙල මැයි 28 වැනිදා පැවැත්වෙයි.