තමන්නාගේ ආදරයත් ව්‍යාපාරිකයෙකු ළඟ නවතියි
සුරූපි නිළි හංසිකා මොට්වානි මේ දිනවල සිය විවාහයට සූදානම් වෙයි. එම විවාහය පැවැත්වෙන අතරතුර තවත් සුරූපි දකුණු ඉන්දීය සිනමා නිළියක්ද සිය විවාහයට සූදානම්වන පුවතක් දැන ගැනීමට ලැබේ. ඒ තමන්නා භාටියාය.
ඇයද හංසිකා මෙන්ම මුම්බායිහි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සමගින් මේ වනවිට ආදර සම්බන්ධයක පැටළි සිටියි. මීට පෙර අවස්ථා කිහිපයකදීම තමන්නාගේ නම ඉහළ පෙළේ තරුණ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේම නම අලලා ආදර සම්බන්ධා පවතින බවට කට කතා වාර්තා වී තිබුණි.