තංගලාන් චිත්‍රපටයේ පෙරහුරුවක් අතරතුර වික්‍රම් ආබාධයකට

  • 30-05-2023
  • Views 96

පොන්නියන් සෙල්වම් චිත්‍රපටයෙන් පසුව එහි ප්‍රධාන චරිතයට පණ පෙවු වික්‍රම් සිය අලුත්ම චිත්‍රපටය වූ තංගලාන්හි පෙරහුරුවකට පසුගියදා සහභාගි විය.  එම පෙරහුරුව අතරතුරදි ඔහු ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු ලැබේ.

වික්‍රම්ට මෙහිදි ඉළඇටයේ ආබාධයක් මතුව තිබෙන බව සඳහන් වෙයි. මේ හේතුවෙන් චිත්‍රපටයේ වැඩ කටයුතු සම්පුර්ණයෙන්ම  නවතා දමන්නට නිෂ්පාදක මණ්ඩලය තිරණය කර ඇතිමුත්, සිනමා නළු වික්‍රම් පවසන්නේ දින ප්‍රශ්නයක් නිසාවෙන් තමාට විවේක ගැනීමට නොහැකි බවය. ඒ නිසාවෙන් චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතුවලට තවත් නොබෝ දිනකින් සම්බන්ධ වන බව ඔහු පවසයි.