ඩාර්ලින්ග් චිත්‍රපටයේ දෙන්නෙක් හොඳම නිළියට තරග කරයි
මෙවර අයිෆා සිනමා සම්මාන උළලේ හොඳම නිළියට හිමි සම්මානය සඳහා ඩාර්ලින්ග් චිත්‍රපටය නියෝජනය කරමින් නිළියන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ වී තිබිම විශේෂත්වයකි. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කිරිමට සහය දුන් ආලියා භාට් හා නවක නිළි ෂෙෆාලි ෂා දෙදෙනාය.
ඔවුන්ට අමතරව ආලියා භාට් නැවත වරක් ගංගුබායි කතියවාඩි චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්ද මෙවර හොදම නිළියට නිර්දේශ වී සිටියි. පළමු වතාවට හොඳම නිළි සම්මානයකට යමී ගෞතම්ද නිර්දේශ වී තිබෙන අතර, ඒ අ තර්ස්ඩේ චිත්‍රපටය හරහාය. ඔවුන්ට අමතරව තාබු බූල් බුලයියා චිත්‍රපටය වෙනුවෙන්ද හොදම නිළියට නිර්දේශ වි ඇත.