ඩබල් ට්‍රබල් චිත්‍රපටයෙන් ෂාහිඩ් හදිසියේම ඉවත් වුණේ ඇයි
අති සාර්ථක බූල් බුලයියා දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අනිස් බස්මිගේ අලුත්ම චිත්‍රපටයෙන් මේ වනවිට ෂාහිඩ් කපූර් ඉවත්ව ඇතැයි වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ අනිස් බස්මි විසින් චිත්‍රපටයේ කළ වෙනස් වීම කිහිපයක් සම්බන්ධයෙන් බව දැන ගැනිමට ලැබේ. චිත්‍රපටයේ මේ වනවිට සියයට 35ක ප්‍රමාණයක් රූපගත කර ඇති අතර, චිත්‍රපට නිෂ්පාදකවරුන් ඊට විශාල මුදලක්ද වියදම් කර තිබේ.
කෙසේ වෙතත්, අනිස් බස්මි හා ෂාහිඩ් කපූර් සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙසේ සුහද ඔවුන් අතර මෙම චිත්‍රපටයට තිබු සම්බන්ධතාවය නිමා කර තිබුණි. ෂාහිඩ් සමගින් මෙම චිත්‍රපටයේ රශ්මිකා මන්දනාද පෙනි සිටි අතර, ඇය මේ වනවිට දෙගෙඩියාවෙන් පසුවන බව සඳහන් වෙයි. තවදුරටත් මෙම ඩබල් ට්‍රබල් චිත්‍රපටය අවසන් කරනවාද නැද්ද යන්න තිරණයකට චිත්‍රපට නිෂ්පාදකවරුන් එළැඹි නැති බව සඳහන් වෙයි.