ටිස්කා චොප්රාගේ ’’ඉන්ස්ටග්‍රෑම්’’ ගිණුම හැක් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමිර් ඛාන්ගේ ‘තාරේ සමින් ෆර්’ චිත්‍රපටය ඇතුළු ජනප්‍රිය ඉන්දීය චිත්‍රපට බොහෝමයක රංගනයෙන් දායක වූ ටිස්කා චොප්රාගේ මිලියන 3ක රසික පිරිසක් සිටි ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හැක් කොට ඇතැයි වාර්තා වෙයි. මේ බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ටිස්කා පවසා තිබුණේ තමන්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් එන කිසිදු ඇමතුමකට, පණිවිඩයකට ප්‍රතිචාර නොදක්වන ලෙසය.

48 වැනි වියෙහි පසුවන ටිස්කා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුනේ දැනටමත් තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කළ ඡායාරූපය හා විඩියෝ දර්ශන මෙම හැක් කළ පුද්ගලයා විසින් මකා දමා ඇති බවය.