‘ටයිගර්’ රූපගත කරන්න ගිය කත්රිනා රුසියාවේදී ගත්තු පොටෝ එළියට
මේ වනවිට රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග්හි රැඳී සිටින බොලිවුඩ් සිනමා නිළි කත්රිනා කයිෆ් සිය අලුත්ම චිත්රපටය වූ ‘ටයිගර්’ හි රූපගත කිරිම් සඳහා එක්වීමට සූදානමින් සිටියි. රූපගත කිරිම් කටයුතුවලට පෙර ඇය ඇය ශාන්ත පිටර්ස්බර්ග් නගරයේ සූන්දරත්වය නැරඹිමට ගොස් තිබුණ අතර, එහිදි ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සිය සමාජ පිටු අතරට එක්කොට තිබුණි.
එමෙන්ම ඇය පිටර්ස්බර්ග් නගරයේ ඇවිදින අතරතුරදීම මිලියන 53කට ආසන්න රසික ප්රමාණයක් සිටින සිය ‘ඉන්ටර්ග්රැම්ස්’ ගිණුම හරහා තම රසික, රසිකාවියන් සමග සජිවි විඩියෝ සංවාදයකටද එක්ව සිටියහ. ඇය පවසන්නේ ‘කොවිඩ්’ වසංගත තත්ත්වය මැද වුවද මෙවැනි සූන්දරත්වයක් නරඹන්නට ලැබීම තමන්ගේ වාසනාවක් බවය.