ටොම් හාලන්ඩ් සියලු සමාජ මාධ්‍යයන්ගෙන් ඉවත් වෙයි
‘ස්පයිඩර් මෑන්’ අලුත් චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වු ටොම් හොලන්ඩ් සිය මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් තමන් සමාජ මාධ්‍යයන් තුළින් ඉවත් වූ බව පවසයි. ඔහු මීට දින කිහිපයකට පෙර තම සමාජ පිටු අතරේ තමන්ට විවේකයන් ගැනීමට අවශ්‍යය බව කෙටි සටහනක් තබා තිබේ.
එමෙන්ම ඔහු සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ විඩියෝවක්ද බෙදා ගනිමින් මේ බව තහවුරු කර තිබෙන අතර, එම විඩියෝව තුළ ටොම් පවසන්නේ සමාජ පිටු යාවත්කාලීන කිරිමේදී මෙන්ම රසික පිරිස් සමග සජිවි සම්බන්ධ විමේදී ඇතිවූ ගැටළු කිහිපයක් නිසාවෙන් තමන් මානසිකව මේ වනවිට වැටි සිටින බව කියයි. එමෙන්ම නැවතත් තමන් යථා තත්ත්වයට පැමිණිමේ අරමුණින් මෙම තිරණය ගත් බවද ටොම් වැඩිදුරටත් මේ සම්බන්ධව පවසා ඇත.