ටැටු එකක් නිසා සමන්තා ගැන ආයෙත් කතාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාග චෛත්‍යාන් සමගින් මේ වනවිට දික්කසාද වී සිටින සුපිරි දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා ගැන මේ වනවිට දකුණු ඉන්දීයාව පුරා යළිත් කතා බහක් මතුව තිබේ. ඒ ඇය මෑතකදී සහභාගි වූ උත්සවකදී ගත් ඡායාරූපයක් හේතු‍වෙනි.

මෙම ඡායාරූපයේ සමන්තා සිය හිටපු සැමියාගේ නමින් කොටු ටැටු එක පෙනෙන ඇඳුමකින් සැරසිගෙන සහභාගි වි ඇත. පසුගිය කාලයේ ඇය මෙම ටැටු සියල්ල මකා දැමු බවට රාවයක් පැතිර ගියමුත්, මෙම ඡායාරූපයේ නැවතත් දකින්නට ලැබීමත් සමග බොහෝ රසිකයින්ට මේ පිළිබඳව දැඩි කුතුහලයක් ගොඩ නැගී ඇත. මෙම කාරණය එළිවීමත් සමග බොහෝ පිරිසක් පවසන්නේ සමන්තා තවමත් සිය හිටපු සැමියා ගැන සිතමින් සිටින බවය.