ජොනි ඩෙෆ්ගේ හිටපු බිරිඳ ඇම්බර්ට තවත් ප්රශ්නයක්
ජොනි ඩෙෆ්ගේ දික්කසාද නඩුව නිසාවෙන් ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වූ ‘ඇකුවා මෑන්’ නිළිය ඇම්බර් හාර්ඩි මේ වනවිට තවත් ප්රශ්නයකට මැදිවී තිබෙන බව සඳහන් වෙයි. ඒ තම අසල්වැසි නිවසේ සිටින කාන්තාවක් තොල් සිපගන්නා විඩියෝවක් අන්තර්ජාලයට කවුරුන් හෝ පුද්ගලයෙකු විසින් ප්රසිද්ධ කිරිමත් සමගය.
වාර්තා වන අන්දමට ඇම්බර් මෙසේ සිප ගන්නේ සිනමා නිළියක් වූ කාරා ඩිලිවින්ජ්ය. කෙසේ වෙතත්, මෙම සිදුවීම ඩෙෆ්ගෙන් දික්කසාද වීමට පෙර සිදුවු සිදුවීමක් නැත්හෙත් පසුව සිදුවුවක්ද යන්න බොහෝ දෙනෙකුට ප්රශ්නාර්ථයක් ඇති කිරිමට තරම් මෙම කාරණයක් සංකිර්ණය විද තිබේ.