ජනප්‍රිය නළු ටයිගර් ෂෙරොෆ්ගේ ගණන් දැන් බැහැලා
‘හිරෝපාන්ති’ තුන්වැනි චිත්‍රපටය අසාර්ථක වීමත් සමග ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂෙරොෆ් චිත්‍රපට රංගනයක් සඳහා තමන් විසින් අය කරන මුදල පහත දමා තිබේ. ඔහු හිරෝපාන්ති චිත්‍රපටය නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගෙන් අය කර ඇත්තේ ඔහු ගිවිසුම් ගත වූ මුදලින් අඩක් බවය.
එමෙන්ම මේ දිනවල රූපගත කරන ‘බඩේ මියා ඇන්ඩ් චෝටේ මියා’ චිත්‍රපටයේද ඔහුගේ අය කිරිම් අඩු කර තිබෙන බව වාර්තා වෙයි. ටයිගර් පසුගිය කාලයේ බොලිවුඩ් චිත්‍රපට රංගනයක් සඳහා ඉන්දිය රුපියල් කෝටි 9ක මුදලක් අය කර තිබුණි.