ජනප්‍රිය චිත්‍රපට කිහිපයක දුටු ඉලේනා මවක් වීමට සුදානම්

  • 19-06-2023
  • Views 89

මේ වනවිට රංගනයෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන සුරූපි ඉලේනා ඩී ක්‍රයිස් මවක් වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. වසර කිහිපයක් තිස්සේ සිය ඔස්ට්‍රේලියානු පෙම්වතා සමග එකම වහළක් යට දිවිගෙවමින් සිටින ඉලේනා පසුගියදා සිය සමාජ පිටු හරහා තමන් ගැබිණියක් බව ප්‍රසිද්ධ කර තිබුණි.

ඉලේනා ඇගේ ගැබ් ගැනීම නිවේදනය කර තිබුණේ ‘and so the adventure starts’ යනුවෙන් ළදරුවෙකුගේ නිමි ඇඳුමක් පෙනෙන ඡායාරූපයක් බෙදා ගනිමිනි. මගේ චූටි පැටියෝ ඔයාව මුණගැහෙනකම් ඉවසිල්ලක් නෑ,’ යන්නෙන් ඇය සිය ඡායාරූපය සමග කෙටි සටහනක්ද ලියා තිබෙනු දක්නට ලැබුණි.