ජග් ජූග් ජියෝ හොර පිටපතක් අන්තර්ජාලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය ජුනි 24 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ රාජ් මෙහෙතාගේ ‘ජග් ජුග් ජියෝ’ චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් අනවසරෙන් අන්තර්ජාලයට යොමු කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත්, මෙම පිටපත නිකුත් කර ඇත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිමෙන් දින දෙකකට පසුවය.

රුපියල් කෝටි 84ක් වැය කරමින් තැනු මෙම චිත්‍රපටය ප්‍රදර්ශන දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් උපයා ගැනිමට සමත්ව තිබිම විශේෂත්වයකි. නමුත්, බොහෝ දෙනෙකු පවසන්නේ හොර පිටපතක් අන්තර්ජාලයට යොමු කිරිම හරහා මෙහි ආදායම් උපයා ගැනිම පහළ මට්ටමකට ඇද වැටි තිබෙන බවය.