ජැකලින් පළමු වතාවට කන්නඩ චිත්රපටයකට
බොලිවුඩයේ ජනප්රිය තරුවක්ව සිටින ජැකලින් ෆර්නැන්ඩෙස් මේ දිනවල සිය පළමු කන්නඩ චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින බව වාර්තා වෙයි. ඒ අනුක් බන්දරිගේ ‘වික්රාන්ත් රෝනා’ චිත්රපටයයි.
මෙහි ඇය පෙනී සිටින්නේ සුදිප් සමගය. සල්මන්ගේ ‘ඩාබන්ග්’ තුන්වැනි චිත්රපටයේ දුෂ්ටයා ලෙස පෙනි සිටි සුදිප් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රිය තරුවක්ද වෙයි. ජැකලින් හා සුදිප් පෙනී සිටින මෙම චිත්රපටය අගෝස්තුවේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත.