චිත්‍රපට රූපගත කිරිමක් අතරතුරදී අරුන් විජේ අනතුරකට
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළුවෙකු වු අරුන් විජේ රූපගත කිරිමක් අතරතුරදී අනතුරකට ලක්ව තිබේ. ඔහු මෙසේ අනතුරකට ලක්ව ඇත්තේ 'අචම් එන්බතු ඉල්ලයේ' චිත්‍රපටයේ රූපගත කිරිමක් අතරතුරදීය. මෙම අනතුරේදී ඔහුගේ වම් අත් හා පාද දෙකම තැළිමකට ලක්ව තිබෙයි.
චෙන්නායි හි බිනී මිල්ස් ප්‍රදේශයේ අක්කර 2.5 භුමි භාගයක් පුරා ඉදිකරන ලද ලන්ඩන් බන්ධනාගාරයේ අනුරුවක් ඇතුළත මෙම රූගත කිරිම් කටයුත්ත සිදු කර ඇත. මෙම අනතුරේදි සිදු වු තුවාලද සහිත ඡායාරූප කිහියක් සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර තිබුණ අතර, ඔහු පවසන්නේ තමන් මීට මාස කිහිපයකට පෙරද චිත්‍රපට රූපගත කිරිමක් අතරතුරදී මෙවැනිම අස්ථි බිඳිමකට ලක් වූ බවය.