චිත්රපට රූපගත කිරිමකදී අත කඩාගත් අභිෂේක් මුම්බායි එයි
සිය අලුත්ම චිත්රපටයේ රූපගත කිරිමක් අතරතුරදී සිදු වු අනතුරකදී දකුණු අතේ අස්ථි බිඳියාමකට ලක්වූ අභීෂේක් බච්චන් සිය රූපගත කිරිම් අතරමඟ නවතා දමා නැවතත් මුම්බායි නගරයට පැමිණි බව සඳහන් වෙයි.
ඔහු මුම්බායි ගුවන් තොටුපළේ සිටින ඡායාරූපයක් සිය මිලියන 7.5ක රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්රැම්ස්’ තුළ පළ කර තිබුණ අතර, අභිෂේක් පවසන්නේ තමන් ඉතා ඉක්මණින් නැවතත් රූපගත කිරිම් කටයුතු සඳහා එක්වීමට බලාපොරෙත්තුවෙන් සිටින බවය.