Saaravita.lk|| චිත්‍රපට දෙකක් නිසා රන්බිර්ගේ ඇනිමල් ප්‍රදර්ශනය කල් යවයි

චිත්‍රපට දෙකක් නිසා රන්බිර්ගේ ඇනිමල් ප්‍රදර්ශනය කල් යවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්බීර් කපූර් සහ රශ්මිකා මන්දනා ප්‍රධාන චරිත නිරූපණය කරන ඇනිමල් චිත්‍රපටය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම චිත්‍රපටය එළැඹෙන අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබුණි.

මෙම චිත්‍රපටය මෙසේ කල්ගතව ඇත්තේ අගෝස්තු 11 වැනිදා යෙදි තිබෙන සතියේ සනී ඩියොල් හා අමිෂා පටෙල් රංගනයෙන් දායක වන ගඩාර් දෙවැන්න හා ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වෙන ඕ මයි ගෝඩ් දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිතව තිබිම හේතුවෙනි. රන්බිර්, මන්දනා සමගින් මෙහි අනිල් කපූර්, බොබි ඩියොල්ද ඇනිමල් හි රංගනයෙන් දායක වෙයි.

 



More In Hot Story