චිත්රපට චරිතයක් නිසා ඇගේ බර අඩු කරගත් රන්දිප්
නිරන්තරයෙන්ම අභියෝගාත්මක චරිත නිරූපණයට භාරගන්නා නළුවෙක් ලෙස ප්රසිද්ධ රන්දිප් හූඩා මේ වනවිට සිය අලුත්ම චිත්රපටය සඳහා සූදානම් වෙයි. රන්දිප්ගේ අලුත්ම චිත්රපටය වන්නේ මහේෂ් මංජිකාර් අධ්යක්ෂණය කරන ‘ස්වාතන්ත්ර වීර් සවර්කාර්’ චිත්රපටයයි.
ඉන්දීය නිදහස් සටන්කාමියෙකු වන දමෝදර් සවර්කාර් ජිවිත කතාව අලලා නිර්මාණය වෙන මෙම චිත්රපටයේ ප්රධාන චරිතය සඳහා පණ පොවන්නේ රන්දිප්ය. දමෝදර් සාවර්කාර් කෙසෙඟ සිරුරක් ඇති අයෙක් නිසාවෙන් ඊට හැඩ ගැහෙන්නට රන්දිප් මේ වනවිට සිය සිරුරේ බර අඩු කරමින් සිටින බව සඳහන් වෙයි.