ගං වතුරින් අවතැන් වූවන්ට ඇන්ජලිනා ජොලිගෙන් ආධාර
අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් පාකිස්තානු ජනතාවට මානුෂිය ආධාර ලබාදීමට හොලිවුඩ් සුපිරි සිනමා නිළි ඇන්ජලීනා ජොලි පාකිස්තානයේ සංචාරයක මේ වනවිට නිරත වෙමින් සිටියි. ඇය මෙසේ ආධාර ලබාදීමට පැමිණ ඇත්තේ එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වූ විශේෂිත නියෝජිතයා ලෙසය.
මෙම සංචාරයේදී ඇය විසින් ආධාර පිරිනමන හා පාකිස්තානු ජනතාව මෙන්ම දරුදැරියන් අතර සුහද කතාබහක නිරත වෙන ඡායාරූප කිහිපයක් ඇය සිය ඉන්ටර්ග්රැම්ස් ගිණුම තුළ පළ කර ඇති අතර, ඇය එහිදි ඇය ඉතා සංවේදි කෙටි සටහනක්ද තබා තිබෙන බවද වාර්තා වෙයි.