ගායකයෙක් ලෙස දක්ෂතා පෙන්වන අමිර් ඛාන්

  • 23-07-2023
  • Views 119

බොලිවුඩයේ සුපිරි සිනමා තරුවක් වන අමිර් ඛාන් මේ වනවිට ගීත ගායනයට යොමුව තිබෙන බව සඳහන් වෙයි. සිනමා රංගනයෙන් තාවකාලිව සමුගත් අමිර් මේ වනවිට විවේක සුවයෙන් පසුවෙයි. ඒ නිසාම ඔහු ගීත ගායනයට යොමු වූ බව සඳහන් වෙයි.

අමිර් කලාගාරයක් තුළ ගීත ගයන විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන අතර, එම විඩියෝව බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ විද තිබේ. මීට පෙරද අමිර් ඛාන් ගීත කිහිපයක් ගායනා කර තිබෙන අතර, ඔහු වරක් ගුලාම් චිත්‍රපටයේ ඛන්ඩාලා ගීතය ගායනා කරමින් හොඳම චිත්‍රපට පසුබිම් ගීත ගායකයා ලෙසද නිර්දේශ පවා ලක්ව තිබුණි.