ගැබිගත් සෝනම් හදිසියේම පැරිස් ගිය හේතුව කුමක්ද
දරු ප්රසුතියට සූදානමින් සිටින සුපිරි බෙලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් මේ වනවිට සිය සැමියා ආනන්ද අහුජා, නැගෙණිය රියා කපූර් හා ඇගේ සැමිය වූ කරන් බුලානි සමගින් පැරිස් නගරයේ සංචාරයක නිරත වෙමින් සිටින බව සඳහන් වෙයි.
වාර්තා වන අන්දමට සෝනම් ඇතුළු පිරිස මෙසේ පැරිස් නගරයට පැමිණ ඇත්තේ ඇගේ 37 වැනි උපන්දිනය සැමරිමට බව සඳහන් වෙයි. එය පසුගිය ජුනි 07 වැනිදට යෙදි තිබුණි. සෝනම් හා ආනන්ද දෙදෙනා පැරිසියේ අයිෆල් කුළුන පෙනෙන තෙක් මනයේ සිට එකිනෙකා සිපගන්නා ගන්නා ඡායාරූප කිහිපයක්ම මේ වනවිට සිය සමාජ පිටු තුළින් මුදාහැර තිබෙනු දක්නට ලැබේ.