ගීත දහයකට පෙනී සිටින කංගනා රණවුත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමාවේ මිළඟට දිග හැරෙන සුවිශේෂි චිත්‍රපටය බවට චන්ද්‍රමුකි දෙවැන්න පත්ව ඇත. මේ වනවිට මෙහි ප්‍රචාරක කටයුතු සිදු වෙන අතර, චිත්‍රපටයේ ඇතුළත් ගීත කිහිපයක්ම දැනට සමාජ ජාලා හරහා නිකුත් කර ඇති බවටද තොරතුරු ලැබේ.

චන්ද්‍රමුකි දෙවැන්නේ විශේෂත්වය වන්නේ චිත්‍රපටයට ගීත දහයක් ඇතුලත්ව තිබීමය. මෙම ගීත දහය සඳහාම පෙනී සිටින්නේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන කංගනා රණවුත්ය. මෙම ගීත දහයම නිර්මාණය කර ඇත්තේ ප්‍රකට දකුණු ඉන්දීය සංගීත නිර්මාපකයෙකු වන එම්.එම්.කීරවානි විසින් බව වාර්තා වෙයි.