ගිගි හැඩිඩ් හිටපු පෙම්වතාට ඉන්ස්ට්ග්රෑම් පණිවිඩයක් එවයි
ජනප්රිය නිරූපිකාවක් මෙන්ම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ප්රසිද්ධ ගිගි හැඩිඩ් සිය පළමු දරුවා ලැබීමත් සමග ඇයගේ පෙම්වතා වන පොප් ගායක සයින් මලික්ගෙන් වෙන්වූ පුවත දැන් කාටත් නොරහසකි.
මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ පියවරුන්ගේ දිනයේදී ගිගි තම ඉන්ස්ට්ග්රෑම් පිටුව හරහා සිය හිටපු පෙම්වතාට පණිවිඩයක් යොමු කර තිබුණ බව සඳහන් වෙයි. ගිගි තම දියණිය කායිගේ අතැගිළි හා සයින්ගේ පච්ච කෙටූ අත් පෙනෙන ඡායාරූපයකට තැන්ක්ස් සයින්. යන්න කෙටි සටහනක් එක් කරමින් ඇය මෙම අපුරු පණිවිඩය තබා තිබුණ බව සඳහන් වෙයි.