කොෆි විත් කරන් වැඩසටහනක් නැවතත්
ලොවපුරා අතිශය ජනප්රිය වූ රූපවාහිනි විනෝදාත්මක වැඩසටහනක් වූ ‘කොෆි විත් කරන්’ වැඩසටහන නැවතත් විකාශය කිරිමට ‘ස්ටාර් ටිවි’ ඉන්දීය රූපවාහිනි නාළිකාව මේ වනවිට තිරණය කර ඇත. මෙම වැඩසටහන සුපුරු පරිදි යළිත් වතාවක් මෙහෙය වීමට තෝරා ගෙන ඇත්තේ ජනප්රිය චිත්රපට නිෂ්පාදක හා අධ්යක්ෂවරයෙකු වන කරන් ජෝහර්ය.
මෙම වැඩසටහන් අවසන් අදියරය (හත්වැනි අදියරය) මීට දෙවසරකට පෙර විකාශය වූ අතර, ‘කොවිඩ්’ වසංගත තත්ත්වය නිසාවෙන් මෙම රූපවාහිනි වැඩසටහන අතරමඟ නවතා දමන්නට සිදුවු බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, මෙම විනෝදාත්මක රූපවාහිනි වැඩසටහන මේ වසරේ නොවැම්බර් මාසයේ සිට නැවත වරක් ආරම්භ කරන්නට මෙම නාළිකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.