කවුරුත් දන්නැති ශර්වනි වැග්ටත් ෆිල්ම් ෆෙයාර් සම්මානයක්
පසුගිය වසරේ කාගෙත් අවධානයට ලක් නොවූ නවක නිළි ශර්වානි වැග්ටත් මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී සම්මානයක් හිමිව තිබීම විශේෂත්වයකි. ඒ හොඳම නැගි එන නවක නිළියට හිමි සම්මානයයි. ඇයට එම සම්මානය ලැබුණේ ‘බන්ටි ඕර් බබ්ලි’ දෙවැනි චිත්‍රපටයේ සෝනියා හා ජැස්මින් යන ද්ව්ත්ව චරිත නිරූපණය කිරිම හේතුවෙනි.
හොඳම නැගි එන නවක නිළිය ශර්වානි වෙද්දි හොඳම නැගි එන නවක නළුවා සම්මානය ‘99 සෝන්ග්’ චිත්‍රපටයේ ජේගේ චරිතය නිරූපණය කළ අහන් භාට්ට හිමි විය. නවක අධ්‍යක්ෂවරයා වූයේ සීමා පහව්වාටය.