කවුරුත් කතා කළ A Thursday චිත්‍රපටයට අඩු සැළකිල්ලක්
බේශාඩ් කම්බාටා ලියා අධ්‍යක්ෂණය කළ A Thursday චිත්‍රපටය මෙම සම්මාන උළලේදී අඩු සැළකිල්ලක් දක්වා තිබීම කගෙත් අවධනයට ලක් වූ කාරණයක් බවට පත්ව තිබුණි. සුරූපි යමී ගෞතම් ප්‍රධාන චරිතය නිරූපණය කළ මෙම චිත්‍රපටය මෙවර Over The Top සම්මාන උළලේදී හොඳම චිත්‍රපටය බවට නිර්දේශයන් අතරට පමණක් තේරී පත් විය.
එමෙන්ම යමී ගෞතම් හොඳම චිත්‍රපට නිළියට පමණක් මෙහිදි නිර්දේශ කර තිබුණ අතර, ඇය රඟපෑ Dasvi චිත්‍රපටයට පමණක් යම් ඇගයිමක් කර තිබුණි. A Thursday චිත්‍රපටයේ යමීට අමතරව අතුල් කුල්කර්ණි, නේහා ඩුපියා, ඩිම්පල් කපාඩියා වැනි අතිදක්ෂ රංගන ශිල්පින් දායක වි තිබුණි.