කොවිඩ් හැදුණ ෂාරුක්, නයන්තාරාගේ විවාහ මංගල්‍යයට ගිහින්
පසුගිය සතියේ බ්රහස්පතින්ද්ර මහාබලිපුරම්හි පැවැති දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තාරා හා චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් ශිවම්ගේ විවාහ මංගල්‍යයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ද සහභාගි වූ බව වාර්තා වෙයි.
ෂාරුක් මීට සතියකට පෙර කොවිඩ් රෝගයටද ආසාධිත වී තිබුණ අතර, ඔහු නයන්තරාගේ විවාහයට එක්වර පැමිණිම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ සිදුවිමක්ද විය. කෙසේ වෙතත්, බොලිවුඩයට නියෝජනය කරමින් පැමිණි එකම සිනමා තරුව වුයේද ෂාරුක් වීම විශේෂත්වයකි. ෂාරුක් හා නයන්තරා මේ වනවිට ‘ජිවන්’ නම් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතුවලට එකතු වී සිටියි.