කොවිඩ් නිසා විවාහය පරක්කු වුණු ආලියා රන්බීර් ළඟදීම බිඳිනවාලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්බීර් කපූර් සහ ආලියා බාත් බොලිවුඩයේ සුප්‍රසිද්ධ පෙම් යුවළ මේ වසරේදී විවාහ වීමට සූදානමක් පවතින බවට ආරංචියක් තිබෙන බව වාර්තා වේ. ටයිම්ස් නිව් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ලාරා දත්තා මේ පිළිබඳව පවසා තිබෙනවා. ප්‍රසිද්ධ වේදිකාවල තමන්ගේ සබඳතාව ගැන වැඩිපුර කතා නොකරන රන්බීර් පසුගිය වසරේ හිටපු මාධ්‍යවේදී රජීව් මසන්ඩි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහය ප්‍රමාද වූ බවයි. 

ආලියා සහ රන්බීර් 2017 වසරේ සිට පෙම්වතුන්ව සිටින අතර මොවුන් දෙදෙනාගේ පවුල් දෙක අතරද සමීප සම්බන්ධතාවක් පවතී. රන්බීර්ගේ මව වන නීතු කපූර් සහ සහෝදරිය වන රිද්දිමා කපූර් සාහ්නි සමඟ ආලියා බොහෝ සෙයින් සමීප අතර නිරන්තරව ඔවුන්ගේ මුණගැසීම් දකින්නට ලැබෙන බවයි බොලිවුඩයේ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ. අයාන් මුකර්ජීගේ ‘Brahmastra’ චිත්‍රපටයෙන් ළඟදීම ආලියා සහ රන්බීර්ව එකට දැකගැනීමට හැකිවෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.