කලකට පස්සේ සරාගී සනී ලියොන් දමිල සිනමා නිර්මාණයක
මේ වනවිට හින්දි, තෙළෙඟු, කන්නඩ චිත්රපට කිහිපයකම රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින සනි ලියොන් මීට දින කිහිපයකට පෙර දකුණු ඉන්දීය දමිල චිත්රපටයක් සඳහාද එක්වූ බව වර්තා වෙයි. ඇය දමිල චිත්රපටයක් සඳහා සම්බන්ධ වන්නේ 2014 වසරේන් පසුව විම විශේෂත්වයකි.
සනි සම්බන්ධව සිටින අලුත්ම චිත්රපටය වන්නේ යුවන් අධ්යක්ෂණය කරන ‘ඕ මයි ගෙස්ට්’ නම් චිත්රපටය සඳහාය. ඇය මෙහි ප්රධාන නිළි චරිතයට පණ පොවන අතර, සතිෂ් හ සංජනාද රංගනයෙන් දායක වෙයි. මෙම චිත්රපටය හාසම්ය ලේබලය යටතේ නිර්මාණය වන්නක් බව සඳහන් වෙයි.