ක්රිස්ටීන්, ඩයනා කුමරියට රඟපාන චිත්රපටය නොවැම්බර්යේදී එළිදැක්වීමට සූදානම්
ලොවක් ආදරය කළ ඩයනා කුමරියගේ ජිවිත කතාව අලලා නිර්මාණය වූ ‘ස්පෙන්සර්’ චිත්රපටය එළැඹෙන නොවැම්බර් මාසයේදි ප්රදර්ශනය කිරිමට නියමිතය. මෙහි ඩයනා කුමරියගේ චරිතයට පණ පොවන්නේ සුපිරි හොලිවුඩ් සිනමා නිළි ක්රිස්ටින් ස්ටුවර්ට්ය.
කෙසේ වෙතත්, මෙම චිත්රපටය සැප්තැම්බර් 03 වැනිදා වැනිසියේ සිනමා උළෙලකදී ප්රදර්ශනය කිරිමට නියමිත බව සඳහන් වෙයි. ‘ස්පෙන්සර්’ චිත්රපටය මීට පෙර කැනඩාවේ පැවති ටෙරෙන්ටෝ සිනමා සම්මාන උළලේදීද වරක් ප්රදර්ශනය කර තිබුණි.