ක්‍රිෂ් සිවුවැන්න ගැන අලුත්ම තොරතුරක්
කාලයක් තිස්සේ සැළසුම් කරමින් සිටින රාකේෂ් රෝෂන්ගේ ‘ක්‍රිෂ්’ සිවුවැන්න පිළිබඳව නැවත වතාවක් කතිකාවක් මේ දිනවල ගෙඩනැගි තිබේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන රාකේෂ් රෝෂන් පවසන්නේ තම චිත්‍රපටය කොවිඩ් වසංගත තත්ත්වය පහව ගිය දිනක ‘ක්‍රිෂ්’ සිවුවැන්න නිර්මාණය කරන බවය.
ඔහු මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය ඉතා විශාල නිෂ්පාදන පිරිවැයක් දරා කරන චිත්‍රපටයක් හෙයින් වසංගත තත්ත්වය මැද මෙය සාර්ථකවේද යන්න ගැටළුවකට තමන් වර්තමානයේ මුහුණ දි සිටින බවය.