කියාරා, සිද්ධාර්ත්ගේ ආදර කතාව නැවතත් මතුවෙලා
පසුගිය කාලයේ ජනප්‍රිය සිනමා නළුනිළි යුවළක් වූ සිද්ධාර්ත් මල්හෝත්‍රා හා කියාරා ආද්වානි අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවසන් වූ බවට රාවයක් පැතිර ගියද මීට දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා නිවාඩුවක් ගත කිරිම සඳහා විදෙස් රටකට ගිය පුවතක් වාර්තා විය.
පසුගිය ඉරිදා දිනයේදී නැවතත් ඔවුන් ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපෙළ තුළ දකින්නට ලැබුණ අතර, බොහෝ දෙනෙකු පවසන්නේ පසුගිය කාලයේ ඔවුන් විරසක වූ කට කතාවලට ඔවුන් විසින්ම හොඳ උත්තරයක් ලබාදී ඇති බවය. ඔවුන් තවත් නොබෝ දිනකින් කොෆි විත් කරන් වැඩසටහන සඳහාද එකට එකතු වීමට නියමිතව ඇත.