කමල් හසන් සූර්යාට දුන්න වටිනා තැග්ග මොකක්ද
පසුගිය ජුනි 03 වැනිදා දකුණු ඉන්දියාවට සමගාමිව ඉන්දියාව පුරාම භාෂා කිහිපයකින්ම ප්රදර්ශනය ආරම්භ කළ කමල් හසන්ගේ අලුත්ම චිත්රපටය වූ ‘වික්රම්’ මේ වනවිට ඉහළ සාර්ථකත්වයක් ලබමින් ප්රදර්ශනය වෙමින් පවතියි. ඉන්දීය රුපියල් කෝටි 150ක් වියදම් කරමින් තැනුණ මෙම චිත්රපටය මේ වනවිට ඉන්දියානු කෝටි 350ක ආදයමක් උපයාගෙන ඇත.
චිත්රපටය ලද සාර්ථකත්වය නිසාම කමල් හසන් චිත්රපටයට දායක වූ සැමට සිය මුදලින් විවිධ තැගි ලබාදී ඇත. චිත්රපටය අධ්යක්ෂණය කළ ලෝකේෂ් කනගරාජ්ට අගනා අලුත්ම වර්ගයේ මෝටර් රථයක් ලබාදී ඇති අතර, චිත්රපටය සඳහා සම්බන්ධ වු සියලු දෙනාට යතුරු පැදිය බැගින් තිළිණ කර ඇත. චිත්රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කළ සූර්යාට කමල් විසින් මිලෙන් අධික රෝලන්ඩ් අත් ඔරලෝසුවක් තැගි ලෙස ලබාදී තිබෙයි.