කැමරන්ගේ ඇවටර් චිත්‍රපටය දිගටම ඇදෙන ලකුණු
ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික වියදමකින් තැණුන Avatar: The Way of Water චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. මෙය 2009 වසරේ ප්‍රදර්ශනය වූ ඇවටර් චිත්‍රපටයේ දෙවැන්න වෙයි.
මෙහි තුන්වැනි කොටස 2024 වසරේදී ප්‍රදර්ශනය කිරිමට ඔහු සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු වන්නේ ජේම්ස් කැමරන් මෙහි සිවුවැනි හා පස්වැනි කොටසක්ද නිර්මාණය කරන්නට අදහස් කරමින් සිටින බවය. සිවුවැනි කොටස පමණක් නිකුත් කරන වර්ෂය සඳහන් කර තිබෙන අතර, ඒ 2026 වසරේදීය.