‘කැන්ස්’ ගිහින් ආපු බච්චන් පවුලත් කරන්ගේ සාදයට එයි
මැයි 25 වැනිදා නිමාව දුටු ‘කැන්ස්’ සිනමා උළෙලට සහභාගි වු අයිශ්වර්යා රායි, අභිෂේක් බච්චන් මෙන්ම දියණිය ආරාධ්යාද එදිනම මුම්බායි හි පැවති කරන් ජෝහර්ගේ උපන්දින සාදයට පැමිණ සිටිම කොයි කාගෙත් අවධානයට පාත්ර වි තිබුණි.
කරන් ජෝහර් අධ්යක්ෂණය කළ හා නිෂ්පාදනය කළ චිත්රපට රැසකම අයිශ්වර්යා මෙන්ම අභිෂේක්ද රංගනයෙන් දායකව තිබිම හේතුවෙන් ඊට කළගුණ දැක්වීම මත මෙම උපන්දින සාදයට වෙහෙස නොබලා සහභාගිවු බව අභිෂේක් පවසයි. කෙසේ වෙතත්, අමිතාබ් මෙන්ම ඡායා මෙම උපන්දින සාදයට සහභාගි නොවුණ අතර, ස්වේතා බච්චන් හා ඇගේ දියණියද මීට එක්ව සිටි බව වාර්තා වෙයි.