කෑන්ස් ගිය සනි ලියොන්ට උණුසුම් පිළිගැනීමක්
76 වැනි වාර්ෂික කෑන්ස් සිනමා උළෙලේ රතු පළස මතින් ගමන් කිරීමට ඉන්දීය සිනමා නිළි සනි ලියොන්ට අවස්ථාව ලැබි තිබුණි. ඒ ඇය රංගනයෙන් දායක වූ අනුරාග් කාශ්‍යප්ගේ කෙනඩි චිත්‍රපටය එහි ප්‍රදර්ශනය කිරිම හේතුවෙනි.
නිළිය කලව ප්‍රමාණයේ සිදුරක් සහ බිබිලි ට්‍රේල් සහිත ආකර්ෂණීය ෂැම්පේන් ගවුමකින් සැරසි සිටි අතර, ඊට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබි තිබුණි. රතු පළස මතින් යන ඡායාරූප කිහිපයක් සනිගේ සැමියා වූ ඩැනියෙල් විසින් ඇයගේ ඉන්ස්ටර්ග්‍රැම්ස් ගිණුමට එකතුකර තිබුණ අතර, අපි හැමෝටම ගමනක් ඇත, නමුත් සෑම කෙනෙකුටම එහි සිහින ජය ගත නොහැක !! ඔබ මිලියන ගණනකට ආශ්වාදයක් සහ මට ආශ්වාදයක් !!! ඔබ ඔබ වීම ගැන @sunnyleone ස්තූතියි!! යන්න කෙටි සටහනක්ද ඩැනියෙල් විසින් ප්‍රසිද්ධ කළ එම ඡායාරූප අතර සඳහන් කර තිබුණි.