කන්‍යා වෙස්ට් ගැන කියන ඔහුගේ අලුත්ම පෙම්වතිය
සූරූපි කිම් කාර්ඩයිෂින්ගෙන් වෙන්වීමත් සමග ඇමෙරිකානු පොප් ගායක කන්‍යා වෙස්ට් මේ වනවිට නැවත වරක් පෙම්වතෙකු වී සිටියි. ඔහුගේ අලුත්ම පෙම්වතිය වන්නේ 31 වැනි වියෙහි පසුවන ඇමෙරිකානු සිනමා නිළියක් වන ජූලිය ෆොක්ස්ය.
ජූලියාද වරක් විවාහ වූ නිළියක් වන අතර, ඇයගේ විවාහය පසුගිය වසරේදී අවසන් වි තිබුණි. එක්දරු මවක්ද වන ජූලියා හා කන්‍යා සමග සිය ප්‍රේම සම්බන්ධය ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ අගදීය. ඇය පවසන්නේ කන්යාට ඇති ජනප්‍රියත්වය මෙන්ම මිල මුදලට ආසාවෙන් ඔහුගේ පෙම්වතිය නොවූ බවය.