කෙනුගේ ‘ජෝන් වික්’ සිවුවැන්න ලබන වසරට කල් යයි
මේ වසරේ ප්රදර්ශනය කිරීමට සැළසුම් කර තිබු සුපිරි නළු කෙනු රිවිස්ගේ ‘ජෝන් වික්’ සිවුවැනි චිත්රපටය ලබන වසරේ මාර්තු 24 වැනිදා දක්වා කල් දමා තිබෙන බව සඳහන් වෙයි. මේ දක්වා නිර්මාණය කළ ‘ජෝන් වික්’ චිත්රපට සියල්ලම පාහේ ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙන අතර, අවසන් වරට 2019 වසරේ නිකුත් කළ ‘ජෝන් වික්’ තුන්වැන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් වියදම් කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 326ක ආදායමක් ලබන්නට සමත්ව ඇත.
සිවුවැන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 87ක මුදලක් වැය කරමින් මේ වනවිට නිර්මාණය කරමින් තිබෙන අතර, විචාරකයින් පවසන්නේ මෙයද ඉතා ඉහළ ආදායමක් උපයා ගනු ඇති බවය. එමෙන්ම ‘ජෝන් වික්’ පස්වැනි චිත්රපටයක්ද 2026 වසරේදීද නිකුත් කරන්නට සූදානම් කර ඇති බව වාර්තා වෙයි.