කත්රිනාගේ විවාහය රන්බිර්ගේ එකට කළින් සිදුවෙයිද
මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ‘ටයිගර්’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින සුපිරි බෙලිවුඩ් සිනමා නිළි කත්රිනා කයිෆ් හා සිනමා නළු විකී කෞශාල් අතර ඇති ප්‍රේම සම්බන්ධය ඉතා ඉක්මණින්ම විවාහයකට පෙරළෙනු ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට රන්බිර් හා ආලියාගේ විවාහයට දින නියම වී ඇති බවට තොරතුරු වාර්තාවන අතර, ඒ නිසාම කත්රිනා සිය විවාහයද ඉක්මන් කිරිමට හේතු වී ඇත. පසුගිය දිනවලදී කත්රිනා හා විකී දෙදෙනා විවහ ගිවිසගත් පුවතක්ද වාර්තා විය.