කෝටි 200ක් වංචා කිරීමේ සිද්ධියට ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය ජැක්ලීන්ගෙන් යළි ප්‍රශ්න කරයි
බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිලියක වන ශ්‍රී ලාංකික ජැක්ලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය අද නැවතත් ප්‍රශ්න කරන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඒ මූල්‍ය විශුද්ධිකරණ චෝදනාවකට අදාළවයි.ඉන්දියාවේ රන්බක්සි ප්‍රවර්ධකයන් වූ ෂිවින්දර් සිං සහ මල්වින්දර් සිං යන අය වෙතින් ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුරේෂ් චන්ද්‍රසේකාර් නමැත්තෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
ජැකලීන් ෆර්නෑන්ඩස් ඔහුගේ බිරිඳ වූ ලීනා පෝල් හරහා චන්ද්‍රසේකාර් දැන සිටි බවයි වාර්තා වන්නේ. ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා. සුරේෂ් චන්ද්‍රසේකාර් නිරන්තරයෙන් දුරකථන සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් ජැක්ලීන් සමග සබඳතාවක් පවත්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය ඇගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ ඒ පිළිබඳවයි. පසුගිය මාසයේදී ද මූල්‍ය බුද්ධි ඒකකය මගින් ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගෙන් පැය 5ක ප්‍රකාශයක් ලබා ගත්තා.