කංගනා රනවුත්ගෙන් ජීවිතයට නීති හතරක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විවාදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව කංගනා රනවුත් නම් දරා සිටින්නීය. ඇය මෙවර සිය ඉන්ස්ටග්‍රෑම් අඩවියට ලියා ඇත්තේ ජීවිතයට නීති හතරක් නම් වූ සටහනකි. මේ ඒවාය. 

  1. සාපරාධී වංචාවන් තවත් එබඳුම සාපරාධී වංචාවන්ට අනුබල දෙයි. 
  2. තමන් ගැන විශ්වාසයක් නැති තැනැත්තා කවදාවත් දෙවියන් හෝ වෙනත් ඇදහිල්ලක් විශ්වාස නොකරයි. 
  3. ඔබට හමු වන්නේ ඔබේ ඇතුළාන්ත ස්වභාවය ඒ හැටියෙන්ම  පිළිබිඹු කරන මඟ පෙන්වන්නන්ය. ඔබ අව්‍යාජ අයෙකුනම් ඔබට ලැබෙන්නේ අව්‍යාජ පුද්ගලයන්ය. එහෙත් ඔබ වංචාකාරයෙක්නම් ඔබට හමු වෙන මඟ පෙන්වන්නන් ද වංචාකාරයන් හා අපරාධකාරයන් වීම වැළැක්විය නොහැකිය. 
  4. ඔබ හොරෙක්නම් කැමති වන්නේ කොංග්‍රස් පක්ෂයටය.  ඔබ සැබෑ ජාත්‍යාලයකින් යුතු අයෙක්නම් ඔබේ ඡන්දය භාරතීය ජනතා පක්ෂයට ලැබෙනවා නොඅනුමානය.