කංගනා රණවුත් තමාගේම චිත්රපටයක් නිෂ්පාදනය කරයි
2011 වසරේ ප්රදර්ශනය වූ ‘ටනු වෙඩ්ස් මනු’ චිත්රපටයේ දෙවැනි කොටස රැගත් ‘ටිකු වෙඩ්ස් සේරු’ චිත්රපටය නිෂ්පාදනය කරන්නට මේ වනවිට කංගනා සූදනම් වෙන බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, මෙහි කංගනා රංගනයෙන් දායක නොවන අතර, ඒ වෙනුවට නව්සූදාන් සිද්ධික් හා නවක නිළි අව්නිත් කෞවුර් ප්රධාන චරිත සඳහා එක් වෙයි.
දැන ගැනීමට ලැබෙන පරිදි මෙය අධ්යක්ෂණය කරන්නට සූදානම් වන්නේ ‘ටනු වෙඩ්ස් මනු’ චිත්රපටයේ කංගනා සමගින් රඟපෑ මාධවන්ය. එහෙත්, මෙය නිල නොවන ප්රවෘත්තියක් වන අතර, මාධවන් යූ ටියුබ් නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී එවැනි දේකට තමන්ට තවමත් ආරාධනා කර නොමැති අතර, යම් හෙයකින් කංගනා එවැනි ආරාධනාවක් කළොත් තමන් සතුටින් එය පිළිගන්නා බව පවසා ඇත.