කංගනා නිදහස් දිනය සිය නිවසේ සිට සමරපු හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ ඉන්දීය නිදහස් දිනය සිය නිවසේ සිට සමරන්නට සිනමා නිළි කංගනා රනවුත් කටයුතු කර තිබුණි. වාර්තා වන අන්දමට ඇයට මෙසේ සිය නිවසේ සිට නිදහස් දිනය සමරන්නට හේතුව වි තිබුණේ ඇය මේ වනවිට ඩෙංගු රෝගයට මුහුණ දී තිබිම නිසාවෙනි.

කෙසේ වෙතත්, කංගනා පවසන්නේ තමන් රෝගී තත්ත්වයෙන් පසුවෙන නිසාම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සිය කාමරයෙන් පිටතට යාමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවය.  එහෙත් නිදහස් දින ඇය සුදුවතින් සැරසි සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ සමාජ පිටුව හරහා සජිවි විඩියෝවක් නිකුත් කරමින් ඉන්දීය නිදහස් දිනයට සමරන්නට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණි.